දේශපාලන පුවත්

සරත් වීරසේක‍ර පියුමි හංසමාලිගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන පැහැදිළි කරයි

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙනයාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ පියුමි හංසමාලි විසින් දුරකථන ඇමතුමක් ලබා දී නිරෝධායනය වීමට අවශ්‍ය ඇඳුම් පවා නොමැති පිරිසක් සිටින බව පැවසූ බවත් චන්දිමාල් ජයසිංහ විසින් මෙය තහවුරු කළ බවත් ය. එබැවින්, එම පිරිසට තම ඇඳුම් ගෙන්වා ගැනීමට පමණක් අවස්ථාවක් ලබා දීමට උපදෙස් දුන් බවයි ඒ මහතා පවසන්නේ.

මෙය ජන ගැටළුවකට සවන්දීමක් පමණක් බවත් ඇතැම් පිරිස් ද්වේෂසහගතව ව්‍යාජ පුවත් මවා ඇති බවත් එම ලිපියෙහි දැක්වෙනවා.

තවත් පුවතක් – ක්‍රිකට් සභාපතිට, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක්

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

තවදුරටත් කියවන්න

දේශීය පුවත්

කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටින බව මැල්කම් කාදිනල්...

දේශීය පුවත්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින්...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

උණුසුම් පුවත්

ඒ අනුව අවදානම් ප්‍රදේශ මෙලෙස නම් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ...

Copyright © 2021 powered by Sinha News

Exit mobile version