Connect with us

Hi, what are you looking for?

Sinhanews.lk

ක්‍රීඩා පුවත්

පැතුම් නිශ්ශංක වාර්තා පොත් අතරට

සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ සිව් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඇන්ටිගුවාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනයේදීයි. පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමග පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්.

මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කර ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීරයි. ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ තරගවලදී එම ශතක වාර්තා කර තිබෙනවා.

ඒ අනුව විදෙස් රටකදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසටද පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක් වනවා.

පැතුම් නිශ්ශංකට අනඟි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදී ලකුණු 96 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සබඳතාවක් ගොඩනැගුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 476ක්.

පන්දු යැවීමේදී කෙමර් රොච් ලකුණු 74 ට කඩුළු 3 යි. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169 කට දැවී ගියා.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නම් දෙවන ඉනිමේදී ලකුණු 375 ක් රැස් කළ යුතු වනවා.

තරගයේ සිව් වන දිනය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් රැස් කර ගෙන සිටියා.

ඒ අනුව කඩුළු 9 ක් අතැතිව සිටින කොදෙව් කණ්ඩායම තරගය ජය ගැනීමට නම් තරගයේ අවසන් දිනයේදී තවත් ලකුණු 341 ක් ලබාගත යුතු වනවා.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටින බව මැල්කම් කාදිනල්...

දේශීය පුවත්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින්...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

උණුසුම් පුවත්

ඒ අනුව අවදානම් ප්‍රදේශ මෙලෙස නම් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ...

ක්‍රීඩා පුවත්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා...

දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

ක්‍රීඩා පුවත්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා...

ක්‍රීඩා පුවත්

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීමට තේරීම් කමිටුව විසින් ගනු ලැබූ තීරණය සුදුසු නොවන බව හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්  ප්‍රකාශ කර සිටිනවා....

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට සහ බංගලාදේශය අතර පැවැත්වූ එක්දින තරඟාවලියේ පිට පිටම පළමු තරඟ දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන සහ අවසන් තරඟය  ලකුණු...