Connect with us

Hi, what are you looking for?

Sinhanews.lk
Navy Sniper Girl Sri Lanka
Navy Sniper Girl Sri Lanka

ක්‍රීඩා පුවත්

2020 ඔලිම්පික් ය​න නාවික හමුදා වෙඩික්කාරිය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින් හත් වතාවක් (07) ශ්‍රී ලංකාවේ හොඳම වෙඩික්කාරිය ලෙස තෙරී පත් වී ඇති අතර, මීට අමතරව මෙරට නියෝජනය කරමින් විදෙස් තරගාවලි රැසකට සහභාගි වී විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කර තිබේ. ඇය 2018 වසරේ සිට කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියනු ලබන අතර, 2019 වසරේ සිට කාන්තා තුන් ඉරියව් මීටර් 50 රයිෆල් 0.22 ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

2016 වර්ෂයේ ඉන්දියාවේදී සහ 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලයන්හීදී කාන්තා මිටර් 50 රයිෆල් 0.22 කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වු ඇය, 2019 කටාර් හි පැවැත් වු කාන්තා මිටර් 50 රයිෆල් 0.22  ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමිකර ගන්නා ලදී. ඇයගේ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් ඉදිරියෙන් සිටීම නිසා මෙලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

ශ්‍රි ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මග පෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් හා පහසුකම් වැඩි දියුණු කිරීම, නාවික හමුදාවේ මෙන්ම රටේ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල පිටුවහලක් ගෙන දී ඇත. තවද, නාවික හමුදා වෙඩිතැබිම් සංචිතයේ සභාපති කපිතාන් (නාවික පාබල) ආර්ඒ රේමන්ඩ් ගේ අධීක්‍ෂණය යටතේ අඛණ්ඩ පුහුණුවීම් සිදු කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ගේ වර්තමාන පුහුණුකරු ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි (විශ්‍රාමික) යුඑම් ප්‍රේමලාල් කටයුතු කරනු ලබයි.

ඒ අනුව, අඛණ්ඩ පුහුණුව සහ කැපවීම තුලින්  විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කර කාන්තා රයිෆල් ඉසව්වෙන් ප්‍රථම වරට නාවික හමුදාව නියෝජනය කරමින් නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල 2020 ටොකියෝ ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලබා ගැනීමෙන් නාවික හමුදාවට සහ රටට විශාල ගෞරවයක් ගෙන දී ඇති අතර, ඉදිරියේ දී ඇය කාන්තා රයිෆල් ඉසව්වෙන් තවත් ජයග්‍රහණ ලබා ගනිමින් ජාත්‍යන්තරය ඉදිරියේ නාවික හමුදාවේ මෙන්ම ශ්‍රි ලංකාවේ කීර්තීනාමය ඉහල නැංවිමට කටයුතු කරනු ඇත.

Share This :
1 Comment

1 Comment

  1. Pingback: Sri Lanka central bank announces credit relief for third Coronavirus wave - Sinha News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටින බව මැල්කම් කාදිනල්...

දේශීය පුවත්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින්...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

උණුසුම් පුවත්

ඒ අනුව අවදානම් ප්‍රදේශ මෙලෙස නම් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ...

ක්‍රීඩා පුවත්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා...

දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න