ක්‍රීඩා පුවත්

ගිවිසුම් අත්සන් නොකිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් තීරණයක්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්. නවක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් ගිවිසුම්ගතවීමට ක්‍රීඩකයින් එකඟ වී නැහැ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමට ද තීරණය කර තිබෙනවා.

ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත් එම නිවේදනයේ සදහන්. එමෙන්ම ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බව ක්‍රීඩකයින් 38 දෙනා වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

තවදුරටත් කියවන්න

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

Copyright © 2021 powered by Sinha News

Exit mobile version